Saturday, August 3, 2019

වෙබ් ඩිවලොප් සහ ඡායාරූප සංස්කරණය කරන අයට මෘදුකාංගයක්.



මේ ලිපියෙන් ඔබට හදුන්වා දෙන්නේ Image optimization කරන්න නොමිලේ බාවිතා කලහැකි  ප්‍රයෝජනවත් මෘදුකාංගයක්.



මෙය තවත් පැහැදිලිව කිව්වොත් අපි කැමරා වලින් ලබාගන්න ඡායාරූප වලsize එක අඩුකරන්න පුළුවන් මෘදුකාංගයක්. නමුත් මෙහිදී image එකේ Qualityඑකේ වෙනසක් සිදුවන්නේ නෑ. සාමාන්‍යයෙන් මෙවැනි මෘදුකාංගයක් වැදගත් වන්නේ කාටද ? ඒ කුමක් සඳහාද යන්න ඔබට සිතෙන්නට පුලුවන්.


සිතන්න ඔබ වෙබ් ඩිවලොපර් කෙනෙක්නම් වෙබ් පෝස්ට් එකකට ඔබ ලබාගන්න images වෙබ් පිටුවට අප්ලෝඩ් කරනකොට වැඩි කාලයක් වගේම වැඩි ඉඩක් ලබාගන්නවා. ඒවගේම පෝස්ට් එක බලන අයටත් ඒකට වැඩි ඩේටා ප්‍රමාණයක් වෙබ් පිටුව load වෙන්න ගන්නවා. ඉතින් ඒ images සියල්ල මේ මෘදුකාංගයෙන් optimize කරලා දැම්මනම් වෙබ් පිටුවට යන ඩේටා ප්‍රමානයත් අඩුයි. ඉක්මනින් වෙබ් පිටු load වෙනවා. පෝස්ට් එක නරඹන වාරගානත් ඒකට එක හේතුවක් වෙනවා.

ඒවගේම ඔබ වෘතීය ඡායාරූප ශිල්පියෙක්නම් සාමාන්‍යයෙන් DSLR කැමරාවකින් වදින ඡායාරූපයක් 20MB ක් පමන වෙනවා. අවශ්‍ය තාවයක් මත යම්කිසි ඇල්බම් එකක ඡායාරූප ෆෙස්බුක් එකට අප්ලෝඩ් කරන්න, පෙන් එකකට දාගෙන යන්න, හාඩ් එකේ ඉඩ අඩු කරගන්න මේ මෘදුකාංගය බාවිතයට ගන්න පුළුවන්.


බලන්න තිරඡායාරූපයක්



මෙතනින් පිවිස මෙම Radical Image Optimization Tool මෘදුකාංගය බාගත කරගන්න


No comments:

Post a Comment